දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ගුරු සේවයෙන් ඉල්ලා අස්වීම



ශ්‍රි ලංකා ගුරු සේවයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. ඉල්ලීම් ලිපියේ මුල් පිටපත
  2. මුල් පත්වීම් ලිපියේ මුල් පිටපත.
  3. විනය පරීක්ෂණ හෝ විගණන විමසුම් ඇති / නැති බවට සහතිකය.
  4. රජයට අයත් බඩුභාහිරාදිය විධිමත් පරිදි භාරදුන් බවට ඇති සහතිකය.
  5. රජයට අයවිය යුතු මුදල් අයකරගෙන ඇති බවට සහතිකය.
  6. වැටුප අයකර ගත් බවට සහතිකයේ මුල් පිටපත .
  7. ආයතන සංග්‍රහයේ v පරිච්ඡේදයේ 4.3 , 4.3.1 හි සඳහන් කරුණු දැනුවත් බවට සහතිකය.
  8. බැඳුම්කර හෝ ගිවිසුම් කිසිවක් නොමැති බවට සහතිකය.