දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

සැලසුම් අංශය

අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය



සැලසුම් අංශයේ කාර්යභාරය


  • අමාත්‍යාංශයට අයත් සංවර්ධන ව්‍යාපෘති යොජනා හදුනා ගැනීම, ඇස්තමේන්තු සකස් කිරීම ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, පසු විපරම, ප්‍රගති වාර්තාකරණය.

  • විදේශ ආධාර මගින් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම හා ප්‍රගති වාර්තාකරණය .

  • අමාත්‍යාංශයට අයත් සියලු තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම.

  • රේඛීය අමාත්‍යාංශ මගින් ප්‍රතිපාදනය කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම හා ප්‍රගති වාර්තාකරණය.

  • අමාත්‍යාංශයට අයත් ආයතන හා දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය තුලින් ප්‍රගතිය පාලනය.

  • අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන හා දෙපාර්තමේන්තු ශක්තිමත් කිරීම.

  • පාසල් වල වාර්ෂික සැලැසුම් අනුමත කිරීමට අදාළ කටයුතු.

  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම්බන්ධ රාජකාරි ඉටු කිරීම.

  • මන්ත්‍රී ප්‍රතිපාදන සංවර්ධන වැඩ යෝජනා ක්‍රියාත්මක කිරීම .

  • පාර්ලිමේන්තු පාර්ලිමේන්තු ප්‍රශ්න, පළාත් සභා ගැටළු හා සභා ලේකම් කාර්යාලය ලැබෙන ලිපි පිළිබඳව කටයුතු කිරීම වලට අදාළ පිළිතුරු සැපයීම.

  • විෂයභාර ගරු අමාත්‍යතුමා සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

  • අධ්‍යාපන පර්යේෂණ හා සංවර්ධන සම්බන්ධ කටයුතු කිරීම.

  • වැසූ පාසල් සම්බන්ධ තොරතුරු යාවත්කාලීනව කිරීම සහ පවත්වා ගෙන යාම

  • අමාත්‍යාංශයේ විෂය පථයට අයත් අංශ වල ආපදා කළමනාකරණ කටයුතු

විශේෂ වැඩසටහන්

  • ලෝක බැංකු ආධාර ව්‍යාපෘතිය.

  • "ජයසංඛ" වැඩසටහන.

  • “සිසු තරණ’’ වැඩසටහන.

  • ජයසක් ගුරු, විදු, නිල, දරු උපහාර වැඩසටහන.

  • සාමය හා සංහිඳියාව වැඩසටහන්.

  • සිසු මානසික සෞඛ්‍ය සංවර්ධනය.

  • "අපි සැවොම එකට’’ වැඩසටහන.

  • පාසල් පාදක මූල්‍ය ප්‍රදානය.

  • අධ්‍යාපන විෂය බාහිර වැඩසටහන්.

  • පාසල් යටිතල පහසුකම් සංවර්ධනය - ලී බඩු අලුත්වැඩියාව.

  • කලාප අධ්‍යාපන කාර්යාල ශක්තිමත් කිරීම.

  • ගුරු ඇගයීම් වැඩසටහන.

  • ජතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ සිසුන් හා අදාළ පාසල් ඇගයීම.

  • විදුහල්පති හා ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන .

  • අධ්‍යාපන විෂය බාහිර වැඩසටහන්.

  • සංගීත උපකරණ ලබාදීම.
  • ජයග්‍රහණ

    අ.පො.ස (සා/පෙළ)- දකුණු පළාත


    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

    2013 2014 2015 2016 2017 2018 2019
    පළාත් මට්ටම 74.71 88.19 86.56 81.2 75.67 82.74 82.01
    ජාතික මට්ටම 69.44 78.96 76.33 75.67 69.4 79.09 78.01

    කාර්ය මණ්ඩලය

    සැලසුම් අංශයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙස කටයුතු කරනු ලබන අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) නිලධාරී හා කාර්ය මණ්ඩල නිලධාරීන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව තාක්ෂණ නිලධාරී (01) , සංවර්ධන නිලධාරී (9), රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරී (03) හා කාර්යාල කාර්ය සහායක (02) කින් සමන්විත වේ.

    2020 වර්ෂයේ ක්‍රියාත්මක විශේෂ වැඩසටහන්

    ග්‍රාමීය පාසල් සංවර්ධන ව්‍යාපෘතිය

    සමස්ථ අරමුණ:

    2020 සිට 2024 දක්වා කාලය තුළ දකුණු පළාතේ පවතින ජනප්‍රිය පාසල්වල 1 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් ඊට විකල්ප වශයෙන් ඒ හා සමාන මානව හා භෞතික පහසුකම් වලින් සපිරි ප්‍රාථමික පාසල් 45ක් ස්ථාපනය


    සුවිශේෂී අරමුණු:

    • පාසල් වැසීයාමේ අවධානම අවම වීම
    • ජනප්‍රිය පාසල් සඳහා වන තදබදය අවම කිරීම
    • සිසු රැදී සිටීමේ අනුපාතය 98% දක්වා ඉහළ නැංවීම
    • සිසු ඇතුළත් වීමේ අනුපාතය 98% දක්වා ඉහළ නැංවීම
    • ප්‍රාථමික පන්තිවල සිසු ඇදහැලීම් 0% මට්ටමේ පවත්වා ගැනීම