දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම



උපාධිධාරින් ශ්‍රි ලංකා ගුරුසේවයේ 3 වන පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම.

  1. බඳවා ගැනීමට අදාළ විස්තර අඩංගු කරමින් ප්‍රසිද්ධ පුවත්පත් නිවේදනය මගින් සුදුසුකම් ලත් අයදුම් කරුවන්ගේ අයදුම්පත් කැදවීම
  2. පුවත්පත් නිවේදනයේ දක්වා ඇති පරිදි අයදුම්කරුවන් සදහා තරඟ විභාගය පැවැත්වීම (ලිඛිත,ප්‍රායෝගික)
  3. බඳවා ගැනීමට අදාළ පුවත්පත් නිවේදනයේ කොන්දේසි හා නියමයන්ට අනුව අයදුම්කරුවන් තරග විභාගයේදී ලබා ඇති ප්‍රතිඵල අනුව දන්වා ඇති පුරප්පාඩු සදහා බඳවා ගැනිම.
  4. මෙම බඳවාගැනීමට අදාල මූලික සුදුසුකම් පහතින් දක්වා ඇත.
මූලික සුදුසුකම්
I. ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතු ය.
II. ගුරු පත්වීම්වලට අදාළව පිළිගත් සුවිශේෂි කරන ලද විෂය ක්ෂේත්‍ර වලට අයත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම.
III. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 03 ක දකුණු පළාතේ අඛණ්ඩ පදිංචිය හෝ පූර්වාසන්න වසර 03 ක කාලය තුල කලත්‍රයාගේ ස්ථීර පදිංචිය සමග අයදුම්කරුගේ පූර්වාසන්න එක් වසරක පදිංචිය තිබිය යුතු ය.
IV. දකුණු පළාත තුළ පදිංචිය වෙනස් කර ඇත්නම් ස්ථීර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට අවම වශයෙන් පූර්වාසන්න එක් වසරකවත් අඛණ්ඩ පදිංචිය තිබිය යුතුය.(පදිංචිය සනාථ කරගැනීම මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි නාමලේඛනය අනුව සිදුකරනු ලැබේ)
V. යහපත් චරිතයකින් හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු ය.
VI. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතු ය.
මෙම බඳවා ගැනීම් දකුණු පළාත් අධ්‍යාපන‍ අමාත්‍යාංශය විසින්ම සිදුකරන අතර ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ I(අ) ශ්‍රේණියට බඳවා ගැනීම සිදුකරනු ලැබේ.

ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී පත්වීම් ලිපි නිකුත් කිරීම.
  • රේඛීය අධ්‍යාපන ලේකම් විසින් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සම්පුර්ණ කරන ලද ඩිප්ලෝමාධාරීන් සම්මුඛ පරීක්ෂණයට ලක් කර දකුණු පළාතට බඳවා ගන්නා අයගේ නාම ලේඛනය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරිම කරනු ලබයි.
  • පුරප්පාඩු සහිත පාසල් සදහා ඩිප්ලෝමාධාරින් ස්ථානගත කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ඔවුන්ගේ පත්වීම් ලිපි නිකුත් කරනු ලැබේ.

අධ්‍යාපනවේදී උපාධිධාරින් ශ්‍රි ලංකා ගුරුසේවයේ 2 වන පන්තියේ ii ශ්‍රේණියට බඳවා ගැනීම
  1. අධ්‍යාපනවේදී උපාධිය සම්පුර්ණ කරන උපාධිධාරින්ගේ නාම ලේඛනයේ සෑම වර්ෂයකම කොළඹ විශ්ව විද්‍යාලය මඟින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරනු ලැබේ.
  2. රේඛීය අධ්‍යාපන ලේකම්ගේ අනුමැතියට යටත්ව මෙම අධ්‍යාපනවේදී උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණයට ලක්කර පුරප්පාඩු සහිත පාසල් වෙත ස්ථාන ගත කර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඔවුන්ට පත් වීම් ලිපි නිකුත් කරයි.

වෘත්තීය විෂයන් සඳහා උපාධිධාරින් ශ්‍රි ලංකා ගුරුසේවයේ 3 වන පන්තියේ I (අ) ශ්‍රේණියට බදවා ගැනීමට අදාළ පත්විම් ලිපි නිකුත් කිරිම
  1. රේඛීය අධ්‍යාපන ලේකම් වසින් සුදුසුකම් ලත් උපාධිධාරින්ගේ අයදුම්පත් කැඳවා තරඟ විභාගයට යොමු කර සුදුසුකම් ලබන්නන් දකුණු පළාතේ වෘත්තීය විෂයයන් උගන්වන පාසල් වෙත යොමු කරනු ලැබේ
  2. මෙලෙස යොමු කරන උපාධිධාරීන්ට පත්වීම් ලිපි නිකුත් කීරිම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සිදු කරනු ලැබේ.