දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ගුරු උපදේශක තනතුරට පත්කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ ගුරු උපදේශක තනතුරට පත්කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. අයදුම්පත්‍ර භාරගන්නා දිනට වයස අවුරුදු 54ට අඩුවිය යුතුයි
  2. කොට්ඨාස, කලාප, දිස්ත්‍රික්, පලාත් මට්ටමින් බඳවා ගැනීම සිදු කරන අතර අයදුම්කරුවන් තමන් ඉල්ලා සිටින කොට්ඨාසයේ, කලාපයේ, දිස්ත්‍රික්කයේ හෝ පලාතේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුයි.
  3. ඉල්ලුම්පතු කැඳවන අවසාන දිනට ගුරුසේවයේ 1 හෝ 2-1 පන්තියට පත්ව තිබීම,සෞන්දර්ය අධ්‍යාපන,තොරතුරු තාක්ෂණය,ඉස්ලාම් ධර්මය , සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය,විශේෂ අධ්‍යාපනය,නාට්‍ය හා රංග කලාව,උපදේශන හා මාර්ගෝපදේශනය,ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ,දෙවන බස දෙමළ යන විෂයන් සඳහා ප්‍රමාණවත් අයදුම්පත් නොලැබුනු විට ගුරුසේවයේ 2-II ශ්‍රේණියේ වසර 10 ක් පලපුරුද්ද ඇති අයගෙන් බඳවා ගැනීමට අපේක්ෂිත හෙයින් එම ගුරු භවතුන්ටද අයදුම් කළ හැකිය.
  4. පුහුණු උපාධිධාරියෙකු නම් වසර 05 ක්ද පුහුණුව හෝ ඩිප්ලෝමාධාරී ගුරුභවතකු නම් වසර 10 ක්ද ඉගැන්විමේ පලපුරුද්ද ලබා සිටීම
විශේෂ සුදුසුකම්
  1. ඉස්ලාම් ධර්මය :- ඉහත මූලික සුදුසුකම්වලට අමතරව අල් අලිම් විභාගය සමත්ව තිබීම සහ මෞලවි සහතික ධාරීන් වීම.
  2. දෙවන බස දෙමළ :- දෙමළ සඳහා ඉහත මූලික සුදුසුකම්වලට අමතරව දෙළ විෂය සහිතව සිංහල මාධ්‍යයෙන් අ.පො.ස (සා.පෙල) විෂය සමත්ව තිබිය යුතුය.