දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

විශේෂ රෝග නිවාඩු අනුමත කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ විශේෂ රෝග නිවාඩු අනුමත කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. ඉල්ලීම් ලිපියේ මුල්පිටපත.
  2. වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වාර්ථාව සහතික කල පිටපත. (පොදු 142-I)
  3. රෝග නිශ්චය තුණ්ඩුවේ සහතික කල පිටපත.
  4. වෛද්‍ය වාර්තාවේ සහතික කල පිටපත.
  5. නිවාඩු B-100 සහතික කල පිටපත
  6. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශිත ලිපියේ සහතික කල පිටපත.
  7. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශිත ලිපියේ සහතික කල පිටපත.