දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ගුරු සේවයෙන් විශ්‍රාම ගැන්වීම



ශ්‍රි ලංකා ගුරු සේවයෙන් විශ්‍රාම ගැන්වීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. විශ්‍රාම ගැන්වීමේ නියෝග පත්‍රය (බාගත කරන්න)
  2. විදුහල්පතිගේ නිර්දේශය සහිත ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය
  3. උප්පැන්න සහතිකයේ සහතික කල පිටපත
  4. විධිමත් ස්ථිර පත්වීම් ලිපියේ සහතික කල පිටපත
  5. සේවය ස්ථිර කිරීමේ ලිපියේ සහතික කල පිටපත
  6. විනය පරීක්ෂණ / විගණන විමසුම් සම්බන්ධ වාර්තා
  7. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපත
  8. PD 03 ආකෘති පත්‍රය
  9. දිව්රුම් ප්‍රකාශය
  10. නොඉල්ලුම් සහතිකය
  11. වැටුප් රහිත/සහිත නිවාඩු සම්බන්ධ වාර්තාව