දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ගුරු සේවයෙන් මුදාහැරීම



දකුණු පළාත් රාජ්‍ය සේවයට ශ්‍රී ලංකා ගුරු සේවයෙන් මුදාහැරීමේ ලිපිය දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. මුදාහැරීම සඳහා ඉල්ලීම් ලිපිය
  2. 10 පරිශිෂ්ඨය / 11 පරිශිෂ්ඨය (බාගත කරගන්න)
  3. මුල් පත්වීම් ලිපියේ සහතික කල පිටපත
  4. මුල් පත්වීම මත රාජකාරී භාර ගැනීමේ ලිපියේ සහතික කල පිටපත
  5. එම තනතුරේ සේවය ස්ථිර ක්රීමේ ලිපියේ සහතික කල පිටපත
  6. නව තනතුරට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපියේ සහතික තල පිටපත
  7. නව තනතුරට පත් කිරීමේ ලිපියේ සහතික කල පිටපත
  8. එම තනතුරේ රාජකාරී භාර ගැනීමේ ලිපියේ සහතික කල පිටපත
  9. Approval report on charge and compensation for no pay leave
  10. විනය පරීක්ෂණ හෝ විගණන විමසුම් ඇති / නැති බවට සහතිකය (මුල් පිටපත)
  11. රජයට අයත් බඩුභාහිරාදිය විධිමත් පරිදි භාරදුන් බවට සහතිකය (මුල් පිටපත)
  12. රජයට අයවිය යුතු මුදල් අයකරගෙන ඇති බවට සහතිකය (මුල් පිටපත)
  13. අවසන් මස වැටුප් විස්තරය (මුල් පිටපත)