දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ගුරු සේවයේ උසස්වීම් ලබාදීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ උසස් කිරීමේ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. උසස්වීම් අයදුම්පත්‍රය.(බාගත කර ගන්න)
  2. විධිමත් ස්ථිර පත්වීම් ලිපියේ සහතික කළ පිටපත
  3. මුල් පත්විම අනුව වැඩ භාර ගැනීමේ ලොග් සටහන් සහතික කළ පිටපත
  4. පැරණි ගුරු සේවා ව්‍යවස්ථාව හා නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව මේ දක්වා ලබා දී ඇති පත් කිරීම් හා ශ්‍රේණි උසස් වීම් ලිපි පිටපත්
  5. පත්වීම ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපත්
  6. විනය පරීක්ෂණ හා විගණන විමසුම පිළිබඳ වාර්තාව.
  7. නව ගුරු ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපියේ සහතික කළ පිටපත්
  8. ගුරු පුහුණුව/උපාධි / පශ්චාත් උපාධි ප්‍රතිඵල සනාථ ලිපි.
  9. වෙනත්(අදාළ වන්නේ නම් පමණි)