දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

විදේශ නිවාඩු අනුමත කිරිම.(කෙටි කාලීන/දීර්ඝ කාලීන)



ශ්‍රි ලංකා ගුරු සේවයේ විදේශ නිවාඩු අනුමත කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. පොදු 126 ආකෘති පත්‍රයේ මුල් පිටපත
  2. 16 වැනි පරිශිෂ්ටයේ මුල් පිටපත
  3. ඉල්ලීම් ලිපියේ මුල් පිටපත
  4. සේවය ස්ථිර කිරීමේ ලිපියේ සහතික කල පිටපත
  5. රාජකාරී ආවරණ ලිපියේ සහතික කල පිටපත
  6. ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සම්බන්ධ ලිපියේ පිටපත්
  7. ගුරුභවතාගේ සහ රාජකාරී ආවරණය කරන ගුරුභවතාගේ කාලසටහන
  8. 10 වැනි පරිශිෂ්ටයේ මුල් පිටපත
  9. විදේශ නිවාඩු සඳහා පූර්ව අනුමැතිය ලබාදීමේ ලිපියේ සහතික කල පිටපත