දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

නව ගුරු සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ නව ගුරු සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. අයදුම්පත්‍රය (බාගත කර ගන්න)
  2. මුල් පත්වීම් ලිපියේ සහතික කල පිටපත
  3. මුල් පත්වීම අනුව වැඩභාර ගැනීමේ ලොග් සටහනේ සහතික කල පිටපත
  4. ගුරු සේවයේ උසස් කිරීමේ ලිපිවල සහතික කල පිටපත්
  5. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 28/2010 අනුව වැටුප් පරිවර්තන ලිපියේ සහතික කල පිටපත්