දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

ගුරු සේවයේ සේවය ස්ථිර කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ ස්ථීර කිරීමේ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. සේවය ස්ථිර කිරීමට බලය ලබාදීමේ වාර්තාව(බාගත කරගන්න)
  2. පත්වීම් ලිපියේ පෞද්ගලික ලිපි ගොනුවේ / කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පිටපතේ සහතික කල පිටපත
  3. වැඩ භාර ගැනීම සටහන් කෙරෙන ලොග් සටහනේ / වැඩ භාරගත් ලිපියේ සහතික කල පිටපත
  4. සෞඛ්‍ය 169 වෛද්‍ය පරීෂකගේ වාර්තාවේ සහතික කල පිටපත
  5. උපාධි / විද්‍යාපීඨ / ගුරු විද්‍යාල / අ.පො.ස.(සා.පෙළ) / අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල සනාථ කිරීම් ලිපිවල සහතික කල පිටපත්
  6. අංක 05 පරිශිෂ්ටය ප්‍රකාරව සමාලෝචන වාර්තා(බාගත කරගන්න)
  7. පරිවාස කාලයට අදාල සවිස්තර නිවාඩු විස්තර සහතිකය ( B 100 වාර්තා මඟින්) කල පිටපත
  8. පූර්ව සේවා පුහුණු සහතිකය (අදාල නම් පමණි)
  9. වැටුප් රහිත නිවාඩු සඳහා අයකිරීම / හිලව් කිරීම අනුමත වාර්තාව
  10. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත හා සනාථ කිරිමේ ලිපියේ සහතික කළ පිටපත
  11. නමේ වෙනසට දිවුරුම් ප්‍රකාශයක් සහතික කල පිටපත (අදාල නම් පමණි)
  12. අධ්‍යයන නිවාඩු අනුමත ලිපිය (අදාල නම් පමණි)
  13. දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය(අදාල නම් පමණි)
  14. විගණන විමසුම් හා විනය පරීක්ෂණ සම්බන්ධ ලිපිය
  15. චර්යා සටහනෙහි සහතික කරන ලද පිටපත
  16. පැවදිව සිටීනම් පැවැදි සහතිකය(අදාල නම් පමණි)
  17. පැවදිව සිට උපැවිදි වී ඇත්නම් උපැවිදි සහතිකය(අදාල නම් පමණි)