දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

විධිමත් පත්වීම් පෙරදාතම කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ විධිමත් පත්වීම් පෙරදාතම කිරීම ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය..
අවශ්‍ය ලිපි ලේඛන
  1. පෙරදාතම අයදුම්පත්‍රය (බාගත කරගන්න)
  2. අභ්‍යාසලාභී පත්වීම් ලිපියේ සහතික කල පිටපත
  3. ස්ථීර පත්වීම් ලිපියේ සහතිකය
  4. පත්වීම ස්ථීර කිරීමේ ලිපියේ සහතිකය
  5. මුල් පත්වීම අනුව වැඩභාර ගැනීමේ ලොග් සටහනේ සහතිකය
  6. අ.පො.ස.(සා.පෙ.) , අ.පො.ස.(උ.පෙ.) හා උපාධි ප්‍රතිඵල සනාථ කිරීමේ ලිපිවල සහතික කල පිටපත්