Failed to connect to MySQL: Connection refused ශ්‍රී ලංකා ගුරු සේවය | දකුණු පළාත්
දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

හදිසි අනතුරු නිවාඩු අනුමත කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ හදිසි අනතුරු නිවාඩු අනුමත කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. ගුරුභවතාගේ ඉල්ලිම් ලිපියේ මුල් පිටපත.
  2. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය.
  3. දෙපාර්තමේන්තු පරීක්ෂණ වාර්තාව.
  4. 5වන පොදු ආකෘති පත්‍රය.
  5. අනතුර සම්බන්ධව දැනුම් දීමෙන් පසුව තබන ලද ලොග් සටහනේ සහතික කල පිටපත.
  6. නැවත සේවයට වාර්ථා කිරීමෙන් පසු තබා ඇති ලොග් සටහනේ සහතික කල පිටපත.
  7. ඇසින් දුටු සාක්ෂි 02.
  8. පොදු 142-I වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වාර්ථාව.
  9. රෝග නිශ්චය තුණ්ඩුව හා වෙනත් අදාළ වෛද්‍ය සහතිකය.